මධ්‍යධරණී මුහුදු කලාපයේ ආවේක්ෂණ රාජකාරියක නිරත ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානයක් සහ එහි ගමන් කළ සෙබලු අවදානමට ලක්කරමින්, රුසියානු ප්‍රහාරක යානයක් වේගයෙන් ඒ අසලින් අනාරක්ෂිතව ගමන් කළ බවට ඇමෙරිකාව චෝදනා කරයි.
එමෙන්ම ඊයේ (15දා) දිනයේදී රුසියාව විසින් චන්ද්‍රිකා නාශක මිසයිලයක් අත්හදා බලා ඇති බවටත් ඇමෙරිකානු අභ්‍යවකාශ බලකාය චෝදනා කරයි.
එක්සත් ජනපද නාවික හමුදාව පවසන්නේ රුසියාවට අයත් Su-35 ප්‍රහාරක යානයක් මෙම අනාරක්ෂිත අතපෙවීම සිදුකළ බවයි. ඒ අවස්ථාවේදී ඇමෙරිකානු P-8 ආවේක්ෂණ යානයක් මධ්‍යධරණී මුහුදේ ආවේක්ෂණ රාජකාරියක නිරතව සිටි බවත් ඇමෙරිකාව කියයි.
එහිදී අදාළ ප්‍රහාරක යානය ඇමෙරිකානු යානයට අඩි 25ක් පමණ ඉදිරියට වේගයෙන් ඉතා අනාරක්ෂිතව පැමිණ තම සෙබලු හා යානය අනතුරේ හෙළා ඇති බව ඇමෙරිකානු නාවික හමුදාවේ 6 වැනි බලගණය නිවේදනයකින් පවසයි.
මේ අතර රුසියානු චන්ද්‍රිකා නායක මිසයිල පරීක්ෂණ එක්සත් ජනපදයට සහ ඊට අනුබද්ධ අභ්‍යවකාශ පද්ධතිවලට සැබෑ තර්ජනයක් එක්සත් ජනපද අභ්‍යවකාශ බලකායේ ප්‍රධානී ජෙනරාල් ජෝන් ඩබ්ලිව්. රෙයිමන්ඩ් පවසයි.
"රුසියාවේ මිසයිල පද්ධතියට අඩු පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා විනාශ කිරීමට හැකියාවක් පවතිනවා." අභ්‍යවකාශ බලකායේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත.