කොවිඩ්-19 වෛරසයේ ඉහළ බෝවීමේ හැකියාවක් ඇති වෛරස ප්රභේදය එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්රාන්තය තුළ අනාවරණය වීමත් සමග හෙට (03දා) සිට බලපැවැත්වෙන පරිදි පිලිපීනය එක්සත් ජනපදයෙන් විදේශීය සංචාරකයින් ඇතුළුවීම තහනම් කරන බව ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසයි.
ඒ අනුව ජනවාරි 15දා දක්වා ක්රියාත්මක වන මෙම සංචාරක තහනම යටතේ පිලිපීනයට පැමිණීමට පෙර දින 14ක් ඇතුළත කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්ව පැමිණෙණ අයද ඇතුළත් බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් පිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.