ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ “ඔහු පැමිණීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මීට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් එය අවලංගු විය.
ඉන්දියාව හා ඇමෙරිකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාව පැමිණීමට නියමිත අතර ඒ හා සමගාමීව ශ්‍රී ලංකාව සංචාරයද සිදුවෙන බව වාර්තා වෙයි. මයික් පොම්පියෝ සමග එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්ද එක්වීමට නියමිතව තිබේ.
2015 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමෙන් පසුව ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව මෙය වෙයි.
සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි