ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානාපොලිස් ප්‍රාන්තයේ ප්‍රධාන ගුවන්තොටුපල අසල ෆෙඩෙක්ස් මධ්‍යස්ථානයෙන් පිටතදී තුවක්කුකරුවෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු 19 හැවිරිදි බ්‍රැන්ඩන් හෝල් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මෙම ප්‍රහාර අතරතුර සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය මාර්තු 22 වැනි දින කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සැලක් අසල වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය යාමෙන් පසු රට තුළ සිදුවූ ආසන්නතම මාරාන්තික වෙඩි තැබීම බවට මෙය පත්ව ඇත.
මෙම වෙඩි තැබීම සිදුකළ තැනැත්තා මීට පෙර ෆෙඩෙක්ස් මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකු ලෙසද හඳුනාගෙන ඇති අතර, ඔහු සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ හැකි බව ඔහුගේ මව විසින් මීට පෙර පොලීසියටද දන්වා තිබී ඇත.
"එහි වාහන නැවැත්වීමේ ස්ථානයට මොහු මෝටර් රථයකින් පැමිණ තිබෙනවා. මා විශ්වාස කරන්නේ ඔහු සිය වාහනයෙන් පිටවී ඉක්මනින් වෙඩි තැබීම ආරම්භ කර ඇති බවයි. පළමු වෙඩි තැබීම වාහන නැවැත්වීමේ අංගනයේදී සිදු වූ අතර පසුව ඔහු එම පරිශ්‍රය තුළට යමින් වෙඩි තැබීම් සිදුකර තිබෙනවා" යැයි ඉන්ඩියානාපොලිස් හි නියෝජ්‍ය පොලිස් ප්‍රධානී ක්‍රේග් මැකාර්ට් පැවසීය.