ඇමෙරිකාව සමග අත්සන් කිරිමට නියමිත සෝෆා ගිවිසුමට මෙන්ම ඇමෙරිකානු හමුදා මෙරටට පැමිණීමට අදාළව අත්සන් කිරීමට නියමිත ගිවිසුමට තමන් විරුද්ධ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවේදී ජනතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මම කැබිනට් මණ්ඩලයේදී කියලා තියෙනවා. ඒවට මගේ එකඟත්වයක් නෑ කියලා.”