එක්සත් ජනපදය පුරා කොඩිඩ්-19 වසංගතය ඉහළ යමින් පවතින වාතාවරණයක එරට ප්‍රාන්ත රැසක ගුරුවරු පාසල් නැවත විවෘත කිරීමට විරෝධය පළකර තිබේ.
ගුරුවරුන්ගේ උද්ඝෝෂණය සඳහා පිහිටුවා ඇති වෙබ් අඩවියකට අනුව පාසල් නැවත විවෘත කිරීම සඳහා වූ විද්‍යාත්මක දත්ත ඔවුනට සහාය වන තුරු සහ නියමිත සෞඛ්යාරක්ෂක ක්‍රමවේද වන පන්තියක සිටිය යුතු අවම සිසුන් සංඛ්‍යාව, නියමිත පරීක්ෂාවන් සඳහා හැකියාව තිබීම, පාසල් තුළ ප්‍රමාණවත් උපදේශකවරුන් සහ හෙදියන් රැඳවීම ආදී ඉල්ලීම් ගණනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබේ. මෙම තත්ත්වයන් සම්පූර්ණ වනතුරු පාසල් යළි විවෘත කිරීමට ගුරුවරු විරෝධය පළ කර ඇත.
එසේම මුදල් ආධාර අවශ්‍යව ඇති දෙමවුපියන් සඳහා මූල්‍යාධාර ලබාදීම, ඔවුන්ගේ නිවාස කුලී ලබාදීම මෙන්ම ඔවුන් කුලී නිවස්නයන්ගෙන් නෙරපා හැරීම හෝ ඒවා අත්පත්කර ගැනීම වැළැක්වීම ආදී ඉල්ලීම්ද මෙම ගුරුවරු ඇමෙරිකානු බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 4,711,323ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 155,366ක් දක්වා ඉහළ ගොස් තිබේ.