එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව විසින් මෑතකදී නිකුත් කරන ලද කොවිඩ්-19 මූලාරම්භය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා විසින් දැඩිව විවේචනයට ලක්කර තිබේ.
"මේ ප්රකාශනය තුලින් පොදුවේ වැදගත් කාරණයක් වටා තවදුරටත් එකම තැනක කැරකෙන සංඥා මාලාවක් ලැබීම පමණක් සිදුව තිබෙනවා. එය මුළුමනින්ම විද්‍යාත්මක ගැටළුවක් බව මම කනගාටුවෙන් සඳහන් කිරීමට කැමතියි" සකාරෝවා සිය සතිපතා මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
එවැනි පියවරයන් සමාජය හා ජාත්‍යන්තර තලය තුළ ආතතීන් වැඩි කරන අතර, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට බාධා ඇති කරන බවද ඇය අවධාරණය කළාය.
කොවිඩ්-19 මූලාරම්භය දේශපාලනීකරණයට එරෙහිව රුසියාව මීට පෙරත් හඬ නැඟූ බව සකාරෝවා පැවසීය.
"මේ ගෝලීය, මානව ඛේදවාචකය අන්තර් රාජ්‍ය මට්ටමින් ලකුණු දමා ගැනීමකට සහ මහජන මතය හැසිරවීමට යොදා නොගෙන, වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ක්‍රම සෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපි සලකනවා." ඇය වැඩිදුරටත් සඳහන් කළාය.