ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ අද (01දා) අලුයම වනවිට 62,951ක් ලෙස වාර්තා විය.
එමෙන්ම එරට තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,069,485ක් බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වන්නේ නිව්යෝක් නගරයෙනි. නිව්යෝක් නුවර පමණක් 18,069ක් කොරෝනා වෛරසය නිසා මියගොස් ඇත.
එරට තුළ වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස මේ දක්වා 126,527ක් පමණක් වන අතර, ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයට අනුව ඇමෙරිකාවේ මේ දක්වා කොවිඩ්-19 පරීක්ෂණ 6,231,000කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේ.