එක්සත් ජනපදය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 20ක් ඉක්මවා ගොස් ඇති අතර, 2021 පළමු සතිය ගෙවී යන්නට පෙර කොවිඩ්-19 මරණ 350,000 පසුකර යෑම පෙනුන්ම් කර තිබේ. එය නව වසර දක්වා අඛණ්ඩව පවතින යථාර්ථයක් සිහිගන්වන්නක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එක්සත් ජනපදය පුරා වෙනත් ඕනෑම තැනකට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති අතර, වසංගතය ආරම්භයේ සිට අද (03දා) අලුයම වනවිට ඇමරිකානුවන් 349,900කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය පුරෝකථනය කළ ආකෘතීන්ට අනුව ඉදිරි මාසය තුළ තවත් 115,000ක් පමණ දෙනා වසංගතයෙන් මිය යා හැකිය.
ඒ රෝහල් ගත කිරීම ඔවුන් මෙතෙක් පැවති ඉහළම මට්ටම්වල පවතින බැවින් යැයි එම ආකෘතිය පෙන්වා දෙයි. කොවිඩ් ලුහුබැඳීමේ ව්‍යාපෘතියට අනුව එක්සත් ජනපදය විසින් බ්‍රහස්පතින්දා රෝගීන් 125,379ක් රෝහල්ගත කර තිබේ. සිකුරාදා එම සංඛ්‍යාව මඳක් අඩුවී ඇති අතර රෝහල් ගතවීම් 125,057ක් ලෙස සටහන් විය. එය මාස දෙකකට පෙර සිට 163%ක වැඩි වීමකි.
කැලිෆෝනියාවේ වෛද්‍යවරයෙක් පැවසුවේ මේ වනවිට එරට රෝහල් පද්ධතිය බිඳ වැටෙන මට්ටමට පැමිණ ඇති බවය.