එක්සත් ජනපද රජයේ ආයතන සහ වෛද්‍ය ආයතනවලට එරෙහිව සයිබර් ප්‍රහාර රැල්ලක් වර්ධනය වෙමින් පවතින බව ඇමෙරිකානු සයිබර් ආරක්ෂණ නිලධාරීන් පවසයි.
ඇමෙරිකාවේ රෝහල්, පර්යේෂණ රසායනාගාර, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ ඖෂධ සමාගම් යන සියල්ලන්ම මෙම හැකර් ප්රහාරයන්ට නිරාවරණය වී ඇති බව ඔවුන්ගේ මතයයි.
එහිදී ඇමෙරිකානු රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධීක්ෂණය කරන සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව වෙත දිනපතා එල්ල වන සයිබර් ප්රහාරයන් වර්ධනය වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු නිලධාරීන් රුසියාවට හා චීනයට ඇඟිල්ල දිගු කරන අතර, එම රටවල සිට ක්‍රියාත්මක හැකර්වරු මෙම ප්රහාරයන් එල්ල කරන බව කියයි.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ මෙම චෝදනා සම්බන්ධයෙන් රුසියාව හෝ චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වසංගතය පාලනය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප්ද වෙනත් රටවලට ඇඟිල්ල දිගුකිරීම හැර සාධනීය ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවට ඇමෙරිකාව වෙතම ඇඟිල්ල දිගුවෙයි.