එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන හයකට ආසන්න වන අතර, අයෝවා, මිනසෝටා, උතුරු ඩැකෝටා සහ දකුණු ඩැකෝටා ඇතුළු ප්‍රාන්තවල දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යමින් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසන පරිදි මේ වනවිට එක්සත් ජනපදයේ වෛරසය හේතුවෙන් පුද්ගලයන් 183,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද (31දා) අලුයම වාර්තා වූයේ 5,994,624ක් ලෙසිනි.
මේ අතර, එක්සත් ජනපදයේ මොන්ටානා සහ ඉඩාහෝ ප්‍රාන්තවල වාර්තාගත ලෙස වෛරසය ආසාදනය වූවන් රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ හිටපු කොමසාරිස් ආචාර්ය ස්කොට් ගොට්ලීබ් පැවසුවේ මෙම ප්‍රවණතාවය කනස්සල්ලට කරුණක් බවය.