කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10 ලබා දීම අද (23) සිදුකෙරිණි.
කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෙම මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදුන්නේ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.
මෙම අවස්ථාවට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති මුදිත විජේසිංහ මහතා සහ අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් චමින්ද ජයසේන මහතාද සහභාගී විය.