අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.
එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව සියලූ නඩු කල්දැමීමට තීරණය කර ඇති හෙයින් එම නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 30 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.