තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අන් සතු නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේදී අත්අඩංගුවට,ගත් බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාළ පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාට ලැබීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි ඒකකය නිලධාරීන්ද සහභාගි කරගෙන සිදු කළ රහසිගත විමර්ශනයකින් අනතුරුව සැකකරු අලුත්ගම ප්‍රදේශයේ අයෙක් බවට හඳුනා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලීසි කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවට අනාවරණය වූ බව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතා පැවසීය.
බිමල් ශ්‍යාමන්