මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රූපගත කරනු ලැබූ ඡායාරූප එකතුව 'සිංහාභිමානය' නමින් ඡයාරූප දැක්මක් ලෙස අද (19දා) කොළඹ පැරණි ලන්දේසි රෝහලේදී පැවැත්වීමට නියමිතය.
දෙස් විදෙස් වනාන්තර සහ සොබාව සෞන්දර්ය සපිරි ස්ථාවල සංචාරය කිරීමේදී ලබාගත් ඡායාරූප මෙලෙස ප්‍රදර්ශනය කරන අතර, එම ප්‍රදර්ශනය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19දා) උදෑසන මෙම ඡයාරූප ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමත අතර, මෙලෙස ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රථම අමාත්‍යවරයා වන්නේද පාඨලී චම්පික රණවක මහතායි.