ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබා දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න පත් කරපු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මුදල් අමාත්‍යවරයා හමුවුණා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසදීම සදහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමග ගුරු සංගම් පසුගියදා සාකච්ඡා පැවැත්වූ අතර එහිදි සුබෝධනී කමිටු වාර්තාවට අනුව කටයුතු කිරීමට ගුරු සංගම් එකගතාවය පල කළා.
ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට කටයුතු කළා.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු සංගම් මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් වී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ රජයට විරෝධය පළ කරමින්.
කෙසේවුවද කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ ක්‍රියාකලාපය ඍජුව බලපා ඇති බවට විවිධ පාර්ශවයන් එල්ල වූ චෝදනා හමුවේ එය තාවකාලිකව අත්හැරුණා. මෙම විරෝධතාවයන්ට සහභාගී වූ ඇතැම් පාර්ශවවලට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ අද පැවති මාධ්‍ය හමුවක දී විපක්ෂයේ කණ්ඩායම් ප්‍රකාශ කර සිටියේ උද්ගතව ඇති කොරෝනා තත්ත්වයට මෙම උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවක් නොවූ බවයි.
විපක්ෂය එසේ ප්‍රකාශ කළ ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සදහා සහභාගි වූ ඇතැම් ගුරුවරුන්ට කොරෝනා ආසාදනය වූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ ගුරුවරුන් පිළිබදව ද තොරතුරු වාර්තා වුවද කුමන්ත්රණකාර දේශපාලන බලවේග එය යටපත් කරමින් ඔවුන්ගේ මරණ සිදුව ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයන් මත බව ප්‍රකාශ කර තිබේ.