විපක්ෂයේ මන්ත්රිවරුන් ස්ථාවර නියෝග 27/2 යටතේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගෙන් විමසූ ප්රශ්න 14කට පිළිතුරු ලබාදී නැතැයි පාර්ලිමේන්තුවේදී අද (08දා) හෙළිවිය.
එහිදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රශ්න 09ක් සහ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා ප්රශ්න 05ක් යොමුකර තිබුණි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්රශ්නවලින් ප්රශ්න 9කට පිළිතුරු ලබාදීමට තිබෙන බවයි.
එම ඇමතිවරුන් කවුරුන්දැයි හෙළි කර තමන්ට පෞද්ගලික ප්රශ්න ඇතිකර ගත නොහැකි බවත් ඔහු ප්රකාශ කළේය.