අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළව කාරක සභා විවාදයට එක්වෙමින් සිය කතාව ආරම්භ කරන විට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ‘ ඇමතිතුමියත් අපෝ කියනවා’ යනුවෙනි.
එසේම අධිකරණ අමාත්‍යවරිය තමන්ගේ දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සඳහන් කළේය.
එසේම මේ වන විට පවතින අපේක්ෂිත ඇප කොන්දේසිය නැති කිරීමට පියවර ගන්නා ලෙසත් ඔහු අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගෙන් ඉල්ලා සිටියේය.