නිවසේ ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල හානි සහිතව 02 දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඊයේ (03දා) මෙම මරණය සිදුව තිබේ. මෙම මරණය සිදුවීමට ආසන්නතම හේතුව ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල තුවාල සිදුවීමක් හේතුවෙන් එය කොවිඩ් මරණයක් ලෙස නොසලකන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.