ගම්පහ සහ කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර හා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳ විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිවු දෙනෙකු අනුයුක්ත කර තිබේ.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම අනුයුක්ත කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
ඒ අනුව කැලණිය කොට්ඨාසය සඳහා 071 859 16 05 යන දුරකතන අංකයෙන් ගම්පහ කොට්ඨාසයට 071 859 16 10 යන දුරකතන අංකයෙන් මීගමුව කොට්ඨාසයට 071 859 16 32 යන දුරකතන අංකයෙන් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා අමතා එම විමසීම් සිදුකළ හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කොළඹ උතුර කොට්ඨාසයේ නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර ඇතුළු කරුණු පිළිබඳව විමසීමට 071 859 15 74 යන දුරකතන අංකයෙන් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයා සම්බන්ධ කර ගැනිමේ හැකියාව පවතින බව අජිත් රෝහණ මහතා පැවසුවේය.
විවාහ මංගල උත්සව ඇතුළු වෙනත් උත්සව පැවැත්වීමේ හැකියාව පිළිබඳව ද අදාළ දුරකථන අංක ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.