නෙදර්ලන්තයේ හේග් හි අධිකරණය විසින් කොවිඩ්-19 වැළැක්වීමේ හදිසි පියවරක් ලෙස රාත්රී 9.00 සිට ක්රියාත්මක එරට ඇඳිරි නීතිය වහාම ඉවත් කරන ලෙස රජයට නියෝගය කර තිබේ.
එරට හදිසි පියවරක් ලෙස පසුගිය මාසයේ දී ඇඳිරි නීතිය පනවනු ලැබූවද, එයට නිසි නීතිමය පදනමක් නොමැති බව අධිකරණය පවසා ඇත.
හේග් අධිකරණයට අනුව, ඇඳිරි නීතිය මගින් නිදහසේ ගමන් කිරීමට සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඇඳිරි නීතිය ක්රියාත්මක කරන විටත් රට තුළ ආසාදන අනුපාතය පහත වැටෙමින් තිබූ බැවින් එය බලාත්මක කිරීම යුක්ති සහගත නොවන බවත් අධිකරණය පවසා තිබේ.
කෙසේ වෙතත් ලබන සිකුරාදා අවසන් අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තෙක් අධිකරණ නියෝගය අත්හිටුවා ඇඳිරි නීතිය පවත්වාගෙන යාමට නෙදර්ලන්ත රජය අභියාචනයක් ගොනු කළ අතර, අභියාචනය විභාග කරන විනිසුරුවරුන් අපක්ෂපාතී නොවන ලෙසටද රජය ඉල්ලීමක් කර තිබුණි. කෙසේ නමුත් හේග් අධිකරණය පසුව රජයේ ඉල්ලීම ප්රතික්ෂේප කර තිබුණි.