නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස බල ප්‍රදේශ තුළ අද දිනයේදී අත්‍යාවශ්‍ය ආහාර අලෙවිසැල් හා ඖෂධහල් අද දිනයේදී පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් වසම 68ක් තුළ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
වෙළඳසැල්වලට යාමේදී ජනතාව තම නිවස ආසන්න වෙළඳසැල් වෙත යා යුතු බවත් සමාජ දුරස්තභාවය අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු බවත් ඔහු පවසයි.
අද රාත්‍රී 12.00 සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කරන ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.