ඇඳිරි නිතිය කඩකරමින් ඊයේ ( 20) දින රාත්‍රි කාලයේ හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘත කර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
රාත්‍රි කාලයේ මෙම අවන්හලෙන් ආහාර වර්ග මුදලට අලෙවි කර තිබෙන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව බණ්ඩාරවෙල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල සිල්වා මහතා පැවසීය.