කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමිවීම පිලිබඳව තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල නිලධාරින්ට උපදෙස් දී තිබිණි.
ඒ් අනුව ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනිකව රුග මි 76ක මුදලක් අහිමි වී තිබු අතර ගත වූ දින 28ක කාලය තුළ එම මණ්ඩලයට සිදුව ඇති ආදායම් අහිමි වීම රුග මි 2128කි.
එමෙන්ම ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුග මි. 15ක ආදායම් අහිමිවීමක් වාර්තා වන අතර ඉකුත් දින 28 තුළ එම දෙපාර්තමේන්තුවට අහිමි ව ඇති මුදල රුමි 420කි.
මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුව ඇති පාඩුව රුග මිග 30කි. ඒ් අනුව ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ එම දෙපාර්තමේන්තුවට අහිමි ව ඇති ආදායම රුගමිග 840කි.