වර්තමාන COVID-19 ගෝලීය වසංගතය සහ රටේ බොහෝ ප්‍රදේශවල පවතින ඇඳිරි නීතිය තිබියදීත්, ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කොට ඇති විදේශීය සංචාරකයින් ගණන 12,000 කට වැඩි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සලසමින් අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද සහාය වෙමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
ආපසු සිය රටවල් බලා යාම සඳහා වාණිජ හා වරලත් ගුවන් ගමන් අඛණ්ඩව පැවතිය ද, මෙහි රැඳී සිටින බටහිර රටවල සංචාරකයින් 4000 කට අධික සංඛ්‍යාවක් මෙයට ඇතුළත් බවද අමාත්‍යාංශය පවසයි.
අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.