කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශය ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කිරිම හේතුවෙන් එහි විශාල පිරිසකට කොවිඩ් 19 රෝගිය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
එසේම සුදුවැල්ල ප්‍ර දේශයේ එක් වගකිම් විරහිත පුද්ගලයෙකුගේ හැසිරීම හේතුවෙන් ප්‍ර දේශයේ විශාල පිරිසකටත්, නාවික හමුදා නිලධාරීන්ටත් රෝගය ආසාදනය වී ඇති බවත් ඇය සඳහන් කළාය.
“බණ්ඩාරනායක මාවත ප්‍ර දේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.
ප්රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම. අදත් බණ්ඩාරනායක මාවතේ 11කට රෝගය තිබෙන බව පැහැදිලිවෙලා තිබෙනවා.ඒ අයට රෝග ලක්ෂණ නෑ.
සුදුවැල්ල ප්‍ර දේශයේ එක් පුද්ගලයෙක් ඇඳිරි නීතිය කාලයේදී වගකීම් විරහිතව හැසිරීම නිසා ඒ ප්‍ර දේශයේ විශාල පිරිසකට රෝගය වැළඳුනා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍ර දේශය ආරක්ෂා කිරීමට ගිය නාවික හමුදාවේ විශාල පිරිසකට රෝගය වැලදුනා.
අපි ඉදිරියටත් රජයක් ලෙස රෝගය පැතිරීම වැළැක්වීමට පියවර ගන්නවා. නමුත් එක වගකීම් විරහිත පුද්ගලයෙකුගෙන් සිය ගණනකට රෝගය වැළදෙන්න පුළුවන්.
සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපැදලා වගකීමෙන් කටයුතු කරන්න”