ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක් ජීවිතක්ෂයකට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම යතුරුපැදිය වේයන්ගොඩ නගරයේදී පොලිස් අණ නොතකා කලගෙඩිහේන දෙසට පළා යසින් සිටියදී ගිලන් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පසුව පෞද්ගලික රෝහලක ගිලන් රථය පළා ගොස් ඇතිඅතර යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
අනතුරින් පසුව CCTV දර්ශන අනුව ගිලන් රථය යක්කල ප්රදේශයේදී රියදුරු හා සහායක සමග අත්අඩංගුවට ගෙන තිබේ.