ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 දරන ගුවන්යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබේ .
තායිලන්තයේ සිට උගන්ඩාව දක්වා පියාසර කරන අතර තුර මෙම ගුවන්යානය ඊයේ (13)අලුයම 5.26ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළට ගොඩබස්වා ඇති අතර පසුව කාර්මික දෝෂය සකසා ගැනීමෙන් පසු අද (14) පෙරවරු 10.26ට නැවත උගන්ඩාව දක්වා පියාසර කර තිබේ
රාහුල්සමන්ත - හම්බන්තොට