කොවිඩ් 19 හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාර්තු 20දා උදෑසන 6.00 සිට මැයි 16දා උදෑසන 6.00 දක්වා කාල සීමාව තුළ පුද්ගලයන් 55706ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එම කාලයේදී අත්අඩගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 15216කි. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 12842කට එරෙහිව නඩු පවරා ඇති අතර දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 4808කි.