කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇදිරි නිතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළදි රතු බිත්තරයක මිල රුපියල් 15 ක් සුදු බිත්තරයක මිල රුපියල් 12 ත් 13 ත් අතර පැවතින.
සතොස වෙළද සැල් තුළ බිත්තරයක් රුපියල් 10ටත් අලෙවි කෙරිණ.
එම දිනවලදි පදික වේදිකාවේ අලෙවි කල එලවලු ,පලතුරු ,පොල්,ලුණු මෙන්ම බිත්තරද විය. එමෙන්ම කුකුල් මස් කිලෝවක මිල රුපියල් 430 ත් 450 ත් අතර පැවතින.
නමුත් ඇදිරිනිතිය ලිහිල් වනවාත් සමගම අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ඉහළ ගිය අතර හැටන් නගරයේ වෙළද සැල් වල රතු බිත්තරයක් රුපියල් 22 ක් හා සුදු බිත්තරයක් රුපියල් 19 ත් 20 ත් අතර මිලකට අලෙවි වෙයි.
කුකුල් මස් කිලෝවක මිල රුපියල් 630 ත් 700 ක් වු මිලකට අලෙවි කෙරේ.එක් එක් අලෙවි සැල් වල විවිධ මිල ගණන්ය.
ඇදිරි නිතිය පවතින දිනවලදි භාණ්ඩ නොලැබිිම හා ඉල්ලුම වැඩිවීම හේතුවෙන් මිල ඉහළ මට්ටමක පැවතිය හැකි යැයි සිතුමුත් රට යථා තත්ත්වයට පත් වන විට මෙලෙස මිල ඉහල දමමින් පාරිභෝගිකයා සුරා කෑම සම්බන්ධව වගකිවයුත්තන්ගේ අනධානය යොමු විය යුතු බව ජනතාව පවසති.
චන්දන ජයවීර