මෙරට තිබෙන ආහාර මාෆියාව පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදීසි නීතිය පැනවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 30 වැනිදා පනවන ලද හදීසි නීති රෙගුලාසි වලට අදාළ ප්රකාශනය පිළිබද අද(06දා) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.
“පාරිභෝගිකයා වෙනුවෙන් තමයි ජනාධිපතිවරයා මේ හදිසි නීතිය පැනවීමට කටයුතු කළේ. හදීසි නීතිය ගැසට් කළ පළවෙනි වතාව නෙවෙයි මේක. පසුගිය ආණ්ඩුව කාලයේ වැල්ලම්පිටිය කුණු කන්ද කඩා වැටෙනකොටත් හදීසි නීතිය ගෙනාවා.
මේ හදීසි නීතිය ගැන විවිද අර්ථකතන කරනවා. මම දැක්කා ලෝකයේ අල්ජසීරා, බීබීසි ප්රවෘත්ති බැලුවම ඒකේ කියන්නේ ශ්‍රී ලංකාවේ විශාල ආහාර අර්බුදයක් තිබෙනවා. ඒ ආහාර හිගය මැඩ පවත්වා ගැනීම සඳහා හදීසි නීතිය ආණ්ඩුව ගේනවා කියලා.
ඒකත් එක්ක සතොස පෝලිමේ ඉන්න කිහිපදෙනෙක් පෙන්වනවා. ඒ නිසා මුලින්ම කියන්න ඔ්නී අපේ රටේ කිසිදු ආහාර හිඟයක් නැහැ. මෙතන තිබෙන්නේ ආහාර හිඟයක් නෙවෙයි ආහාර මාෆියාවක්. ඒ නිසා මේ ආහාර මාෆියාව පාලනය කර ගැනීම සඳහා තමයි ජනාධිපතිවරයා මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ.”