ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් දිනෙන් දින දක්නට ලැබුණත්, සම්පූර්ණ ලොක්ඩවුන් එකක් (ජාතික වශයෙන් සිදුකරන අගුලු දැමීමක්) වෙනුවෙන් පෙනී සිටීමට තමා සූදානම් නොමැති බව එරට ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
එක්සත් ජනපදය සාමාන්‍යයෙන් දිනකට නව ආසාදිතයන් 55,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය සැප්තැම්බර් මැද භාගයේ සිට 60% කට වඩා ඉහළ යෑමකි. විශේෂඥයන් යන් පවසන්නේ රට භයානක තත්ත්වයක් මධ්‍යයේ පවතින බවය.
සිකුරාදා එක්සත් ජනපදය ජූලි මාසයේ සිට එක් දිනක් තුළ වැඩිම ආසාදන වාර්තා කළේය. මේ වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයන් මිලියන 8.15කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 219,600ක් ඉක්මවා මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා පෙර සහ වර්තමාන පියවරයන් සමග රට සහ රටවැසියන් මෙම සීමාවන්ගෙන් තෙහෙට්ටුවී ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පෙන්වා දෙයි.
"අපට අවශ්‍ය වන්නේ ආර්ථිකය විවෘත කිරීමේ මාර්ගයට නොපැමිණීම සඳහා මහජන සෞඛ්‍ය පියවරයන් භාවිත කිරීමක් නොවෙයි. ඒ වෙනුවට ආර්ථිකය විවෘත කිරීම සඳහා ආරක්ෂිත දොරටුවක් ඇතිකර ගැනීමටයි." වෛද්‍ය ෆවුසි පවසයි.
"ආර්ථිකය විවෘත කරන්න, රැකියා ආපසු ලබාදෙන්න හෝ වසා දමන්න යන විරුද්ධ මත සෞඛ්‍ය පියවර නොවෙයි. වසා දැමීමක් නොවෙයි, අපට අවශ්‍ය වන්නේ. අපට යාමට අවශ්‍ය ස්ථානයට ආරක්ෂිතව යාමට අපට උපකාර කිරීම සඳහා අප මහජන සෞඛ්‍ය පියවරයන් භාවිත කළ යුතුයි." වෛද්‍ය ෆවුස් වැඩිදුරටත් පැවසීය.