බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ඊයේ (21දා) කියා සිටියේ තමන් ජූලි 7දා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු දෙවැනි කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකළ බවයි.
ඔහු සිය ජනාධිපති නිවස ඉදිරිපිට රැස්ව සිටි ආධාරකරුවන් පිරිසකට මෙම ප්‍රකාශ කළේ එය සිය ෆේස්බුක් පිටුවේ සජීවීව ප්‍රචාරය කිමිනි.
මෙවර ඔහු මුඛ ආවරණයක් පැලඳ සිටි අතර කුඩා ජල ඇළකින් තම ආධාරකරුවන්ගෙන් දුරස් වූ බොල්සනාරෝ පැවසුවේ ප්‍රතිඵලය ඉක්මනින් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
"හෙට උදේ හෝ සවස් වරුවේ දෙවියන් කැමති නම් එය සෘණාත්මක වේවි. මට යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් වේවි. ඉන්පසුව සිකුරාදා මම පියාඕයි වෙත යනවා" ජනාධිපතිවරයා බ්‍රසීලයේ ඊසානදිග වෙත ගමන් කරමින් ආණ්ඩුකාරවරුන් මුණ ගැසීමක් ගැන එහිදී කියා සිටියේය.
එසේම බොල්සොනාරෝ කියා සිටියේ තමාට ජූලි 15දා තවත් කොරෝනා පරීක්ෂණයක් කළ බවත් එය නැවත ධනාත්මක වූ බවත්ය.
බ්‍රසීලයේ අන්ත දක්ෂිනාංශික ජනාධිපතිවරයා වෛරසය ආසාදිතව සිටියදීත් තම ආධාරකරුවන්ට ආචාර කිරීම සඳහා එළිමහනේ ඇවිදීම සඳහා දහවල් කාලයේදී සිය නිවසින් පිටත්ව ගිය අඛණ්ඩව සිව්වැනි දිනය මෙයයි.
එසේ පැමිණි එක් කාන්තාවක විසින් ජනාධිපතිවරයා සමග උදේ ආහාරය ගතහැකි දැයි විමසන විට, බොල්සොනාරෝගේ සහායකයන් ජනාධිපතිවරයාට මතක් කර දුන්නේ තවමත් වෛරසය පවතින බැවින් ළංවිය නොහැකි බවකි.
අඟහරුවාදා බ්‍රසීලයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 41,008ක් වාර්තා වූ අතර ඒ සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,159,654ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.