කොවිඩ්-19 ආසාදිතව සුවය ලැබූවන්ට වෛරසයට එරෙහිව පුළුල් හා දිගු කාලීන ප්‍රතිශක්තියක් ඇති බවට තවත් සාක්ෂි හමුවී තිබේ.
නව අධ්‍යයනයකින් පෙනී යන්නේ ආසාදනයෙන් සුවය ලැබීමෙන් පසු මාස හයක් තිස්සේ මිනිසුන්ගේ සිරුරු ප්‍රතිදේහ පරාසයක් නිපදවන බවයි. තවද ඔවුන් බී සෛල නිපදවන අතර, එමගින් මෙම ප්‍රතිදේහ නිපදවීම හරහා දිගු කාලීන ප්‍රතිශක්තියක් ලබාදෙන බවට සහතිකයක් ලැබෙන බවද එම අධ්‍යයනය පෙන්වා දෙයි.
ආසාදනයෙන් පසුවද මිනිස් ශරීරය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දක්වන බව පෙන්වන අධ්‍යයන කණ්ඩායමක නවතම අධ්‍යයනය මෙය වන අතර, එමගින් මිනිසුන්ට නැවත නැවතත් වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු බව කියයි.
නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් විවිධ කෝණවලින් වෛරසයට පහර දෙන ප්‍රතිදේහ නිපදවන බවයි. වෛරසයේ නව ප්රභේදයන් බිහිවීම ගැන කනස්සල්ලට පත්වන අයට මෙය හොඳ ආරංචියක් වේ. මන්දයත් මෙම නව වෛරස ප්‍රභේද මගින් ස්වාභාවික ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් හෝ එන්නතක් මගින් ලබා ගන්නා ප්‍රතිචාරයක් මගහැරෙනු ඇති බවට අදහස් පැවතිණි.
ආසාදනයෙන් සති හයකට පමණ පසු සහ ආසාදනය වී මාස හයකට පමණ පසු පුද්ගලයන් 87 දෙනෙකුගේ රුධිරය පිළිබඳව කණ්ඩායම සමීපව සැලකිලිමත් වෙමින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.