කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසදිත පුද්ගලයෙකු කතා කරන විට ඔහු විසින් ජනනය කරන වෛරසය අඩංගු ජල බිඳිති මිනිත්තු කිහිපයක් වාතයේ රැඳී සිටීමෙන් නව ආසාදන ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද නව තක්සේරුවකට අනුව, සීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් අවම වශයෙන් කොවිඩ්-19 අංශු අඩංගු 'කථන ජල බිඳිති 1,000ක්' ජනනය කළ හැකිය.
මෙම අධ්‍යයනයට අනුව එම ජල බිඳිතිවලට විනාඩි 8කට වඩා වැඩි කාලයක් වාතයේ රැඳී සිටිය හැකි බවද පර්යේෂකයෝ පවසති. මෙහිදී තවත් පර්යේෂණයන්ට අනුව, යමෙකු ඒවා ආශ්වාස කළහොත් එය ආසාදනයක් ඇති කිරීමට ප්‍රමාණවත් බව අනාවරණය කරගෙන තිබේ.