දරාගත නොහැකි අයුරින් බඩු මිල ඉහළ ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීම හේතුවෙන් මේ රටේ දුක් විඳින අසරණ ජනතාව ඉන් මුදවා දෙන ලෙසට බල කරමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද (5දා) දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
අසරණ ජනතාව ගෙන් පෝෂණය වන මේ භික්ෂූන් වහන්සේලාට පාට පක්ෂ අදාළ නැති බවත්, ජනතාවගේ සහන වෙනුවෙන් ඕනෑම අරගලයක නිරත වන බවත් උන්වහන්සේලා මෙහිදී පැවැසූහ.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දළුවේ ධම්මාවාස හිමියන් මෙසේ පැවසූහ.
අපි මේ වෙලාවේ මේ විදිහට එලියට බැස්සේ ආර්ථික පීඩනය නිසා දුක් විඳින අපේ ජනතාව නිසයි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙච්චර අවුරුදු ගානකට අපේ විශ්ව විද්‍යාලයේ 2012 ඉඳලා මේ වෙනකන් කිසිම භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන කාරණාවක් වෙනුවෙන් එළියට බැහැලා නැහැ. මොකද අපිට එහෙම අවස්ථාවක් නෑ. අපට අපිට පක්ෂ පාට අදාළ නැහැ. අවශ්‍යත් නැහැ. බෙදීම් වලට අපි හැමදාමත් විරුද්ධයි. අපි හැමදාම විශ්වාස කරේ රට ගොඩ නගන්න පුළුවන් එකමුතුව, එකෙක් විදියට කියලයි. එහෙත් මේ අවස්ථාව තුළ අපේ අහිංසක ජනතාව මේ ආර්ථික තත්වයත් එක්ක විශාල පීඩනයකට ලක් වෙලා ඉන්නවා. දරාගන්න බැරි තරමට,
ඉතින් එහෙම තත්වයක් දැක දැක ඒ ජනතාව ගෙන් පෝෂණය ලබන අපට අපේ ජනතාවගේ දුක දිහා අපිට බලා ගෙන ඉන්න බැහැ. අන්න ඒක නිසා තමයි අද ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා මේ විදිහට පාරට ඇවිල්ලා අද මේ වගේ විරෝධතාවයක් දක්වන්නෙ. මේ ජනතාවට කරලා තියන අපරාධයේ ක්‍රියාව, පීඩනය, දරා ගන්න බැරි ආර්ථිකය, ඒ කාරණා වලින් මේ මිනිස්සුන්ව නිදහස් කරලා මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන සහන ලබා දෙන්න කියලා ඉල්ලන්න තමයි අපි මේ පාරට බැස්සේ,
මේ වෙලාවේ ආයෙමත් මතක් කරන්න ඕන අපි කිසිම ආණ්ඩුවකට කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැහැ. අද අපේ අහිංසක අම්මලා තාත්තාලා පොහොර නැතුව, කෑම නැතුව, විදුලිය නැතුව, ගෑස් නැතුව, ඉන්ධන නැතුව මේ මොකුත් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නවා.
පාරක් පාරක් ගානේ පෝලිම් වල අනන්ත දුක් විඳිනවා, මැරිලා වැටෙනවා, හාමුදුරුවන් වහන්සේලා විදිහට අපිට ඒ දිහා බලා ගෙන ඉන්න බෑ. අන්න ඒ නිසා තමයි අපේ භික්ෂූන් වහන්සේලා හැම කෙනෙක්ම පාරට ඇවිල්ලා මේ වගේ විරෝධතාවයක් සිද්ධ කරන්නේ කියලා මතක් කරනවා.
ඒ වගේම මම ඔය හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙච්චර කාලයක් අපි පක්ෂ වලට බෙදිලා වසර හැත්තෑ පහක කාලයක් තිස්සේ මෙහෙම ගමනක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි මේ වෙනකම් අපි අපේ රටේ දියුණුවක් දැකලත් නැහැ. අපේ රටේ ඉදිරි ගමනකුත් නෑ මම යෝජනා කරනවා ඔය හැම දෙනාටම එකමුතු වෙලා එකෙක් විදියට වැඩ කරමු කියලා. අපේ රට ගොඩ නගන්න අපි එකතු වෙමු ආයෙත් එක එකා, එක එක කාලවලදී ඇවිල්ල කියන චාටු බස්වලට රැවටෙන්නේ නැතුව අපි විඤ්ඤාණයක් ඇතිව ස්වයං බුද්ධියෙන් යුතුව නිවැරදි ගමනක් යමු කියන එක මම මේ ජනතාවට කියනවා.
මේ අපේ ව්‍යායාමය මේ අහිංසක ජනතාව මේ වෙන පීඩනයෙන් නිදහස් කරන්නයි සිද්ධ කරන්නේ කියලා මතක් කර සිටිනවා.
තවදුරටත් අපි අපේ අහිංසක ජනතාවට සහන ලබා දෙන තුරු විරෝධතාවයන් දිගින් දිගටම කර ගෙන යනවා.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලය ඉදිරිපිටදී ආරම්භ කෙරුණු මෙම උද්ඝෝෂණයේ නිරත වූ උන්වහන්සේලා, පසුව විරෝධතා පුවරු ඇතැතිව අනුරාධපුර දහයියාගම මංසන්ධියට පැමිණ මෛත්‍රීපාල සේනානායක මාවත ඔස්සේ නව බස් නැවතුම්පළට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.