පවතින ආර්ථික අර්බුදයට මුහුණදීමට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් නව ආර්ථික පැකේජයක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ සඳහා මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන ආයතන,වෙළෙඳ හා වාණිජ අමාත්‍යංශය යන ආයතන එක්කර නව ආයතනයක් නිර්මාණය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන දෙකක ප්‍රශ්නයකට දැනට මුහුණදී තිබෙන බවත්, මෙය රට තුළ සිදු කෙරෙන නිෂ්පාදනවලට දිරිදීමෙන් පහසුවෙන් විසඳිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා තාක්ෂණ මධ්‍යස්ථාන එක්වුවහොත් ඉන්දියාවෙන් හඳුන්කූරු ගෙනඒමත්, චීනයෙන් ඉටිපන්දම් හා සරුංගල් ගෙන ඒමත් පාලනය කළ හැකි බවද ඔහු කීය.
ලාභය තකා ප්‍රමිතියකින් තොර භාණ්ඩ තොග ගණනින් රට තුළට ගෙන එනවා වෙනුවට රට තුළ දේශීය නිෂ්පාදනයන් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, ස්ථාවර බදු ප්‍රතිපත්තියක් මත ඩොලර් මිලියන 100කට වඩා රටට ගෙනඑන ආයෝජකයන්ට විශේෂ සහන රජය ප්‍රකාශ කළ යුතු කාලය පැමිණ ඇති බවත් ඇමතිවරයා පැවසීය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද(09දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.