ආරච්චිකට්ටුව සෞඛ්‍ය බලප්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලදී කොවිඩ්19 වෛරසය ආසාධිත පුද්ගලයින් 35ක් 13දා වාර්තාවූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙසේ වෛරසය අසාධනය වීඇත්තේ දැනට කොවිඩ් 19 වෛරසය අසාධිතව ප්රතිකාරක මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ය. ඉකුත් 11දා මෙම ආශ්‍රිතයින් 210ක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොදු වෙළඳපොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී පී. සී. ආර් පරීක්ෂණ සිදුකරනු ලැබීය.
මෙම ආසාධිතයින්ගේ වාර්තාවීමත් සමග වේගවත් පැතීරීමක් ඇති කරුක්කුපනය ග්‍රාමසේවක කොට්ඨාසය තාවකාලික වසාදැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
ආසාධිතයින් ප්‍රතිකාර සඳහා ප්රතිකාරක මධ්‍යස්ථානවෙත යොමු කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.
ඇය පවසන්නේ බොහෝ ව්‍යපාරික ස්ථානවල ක්රයාවන් නිසා හා පුද්ගලින් නියමිත සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කිරීමෙන් මෙම සීඝ්‍ර ව්‍යාප්තිය සිදුවන බවයි.
ලලිත් නවරත්න