තායිලන්ත රජයේ ආරාධනාවක් මත එරට විශේෂ සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් ප්‍රවිට් වොන්ග්ෂුවොන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (10දා) තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී සිය ආරාධනාව පිළිගෙන තම රටට පැමිණීම පිළිබඳ සිය කෘතඥතාව පළ කළ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින ආගමික සහ දේශපාලනික සබඳතා ඇතුළු ආරක්ෂක සහයෝගිතාව ඉදිරියටත් වර්ධනය කිරීමට අදාළ වැදගත් කරුණු පිළිබඳ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡා කළේය.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි කාලය තුළ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අදාළ වන විශේෂ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පැවසීය.
මෙම අවස්ථාවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.