ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අමෙරිකානු රජයෙන් ආරක්ෂක පහසුකම ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා වන විශේෂ අයැදුම්පත ඔහු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට යොමු කර ඇති බවද වාර්තා වේ.
අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් ලාභියෙකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මගින් සඳහන් කර ඇත්තේ, තමන් සම්බන්ධ නොමැති වරදකට චූදිතයෙකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය. එමනිසා තමන් ආරක්ෂක හේතු මත ඉදිරියට ඇමෙරිකාවේ ජීවත්වීමට අපේක්ෂා කරන බැවින් ඊට අදාළ පහසුකම් සපයන්නැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇතැයි සඳහන් වේ.
එහෙත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ඉල්ලීම ගැන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැත. ඔහු ලබන 19දා නැවත මෙරටට පැමිණි පසු කරුණු විමසීමක් කර අදාළ අයදුම්පත තීන්දුවක් ගැනීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග මෙම පුවත තහවුරු කරන නමුත් අද්මිරාල් විජය ගුණරත්න මහතාගෙන් ඒ ගැන විමසීමට ඔහු අප වෙත සම්බන්ධ කරගත නොහැකි විය.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය ඇසුරෙනි)