පවතින වැටුප් ගැටළුවලට විසඳුම ලබාදෙන ලෙස ඉල්ලා අද (11 දා) ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්යග්රහ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි.
ආබාධිත රණවිරුවන් පස්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල්වන ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සත්‍යග්‍රහයක නිරතවූ අතර තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටිමින් සත්යග්රහ ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කළේය.
එහිදී ඔවුන් සඳහන් කළේ ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වයස අවුරුදු 55 පමණ වන විට වැටුප ඉවත්කර විශ්‍රාම වැටුපක් පමණක් ලබාදීමට කටයුතු කරණ බවත්ය.
වර්තමානයට ගැලපෙන ලෙස විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසා අඛණ්ඩව වැටුප් ලබාදිය යුතු බවද එම පිරිස් සඳහන් කළේය.