ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටු කිරීම සඳහා විශේෂ ජනාධිපති උපදේශකවරයෙක් ජනාධිපති වූ වහාම පත් කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මීට අමතරව ආබාධ සහිත ප්‍රජාවගෙන් 57% ක් කාන්තාවන් බවත්, ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා ප්රඥප්තියක් නිර්මාණය කරන බවත් පවසා සිටියේය. ජයග්රහණයෙන් පසුව සතියක් තුළ ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්ද ආබාධිත වූ ප්‍රජාව වෙනුවෙන් සකස් කරන බවත්, ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණයත් සමග ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් ඇතිකරන බවත් සඳහන් කළේය.
අධ්‍යාපන සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට යාමේදී පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඊයේ (12දා) සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
VIDEO