ආනවිළුන්දාව රැම්සා අභයභූමියේ කොටසක් ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ශරීර ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18දා) නියෝග කර තිබේ.
එම සැකකරුවන් රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය 27 වැනි දා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේය.