ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්රියාකරු අද (28දා) සවස අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 දින සවස රැම්සා අභය භුමියට නීති විරෝධි ලෙස ඇතුල් වී අදාල භුමියේ ඉස්සන් ටැංකි ඉදිකිරිමේ අරමුණින් එහි භුමියට හානි කිරිම සම්බන්ධ ඩෝසර් යන්ත්රය හා ක්රියාකරු බව කියයි.
මෙම සැකකරු උඩප්පුව පොලිස් වසමට අයත් කිරියන්කල්ලිය ප්රදේශයේ පදිංචිකරුවකු බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්රශ්න කිරිමේදි මෙම විනාශයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පිළිබදව අනාවරණය වී ඇති බවත් එම පිරිස අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වමින් සිටින බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 29 දින හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.