මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා කිරිපිටි ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාවයකට පැමිණ තිබේ.
ආනයනකරුවන් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් මත අදාළ සාකච්ඡාව අමාත්‍යාංශයේදී ඊයේ පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී ආනයනකරුවන් කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 350 කින් ඉහළ දමන ලෙස ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත්, ලබන සතියේ ජීවන වියදම් කමිටුව හමුවීමෙන් පසු මෙහි අවසන් තීරණය ගනු ඇත.
ලෝක වෙළඳපොළ හා දේශීය වෙළෙඳපොළ තත්ත්වය හා ආනයන බදු සමඟ සමපාත වීම සඳහා අමාත්‍යවරයා සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු කිරිපිටි මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට ආනයනකරුවන් එකඟ වූහ.
ගෝලීය වෙලඳපොලේ මිල ගණන් සහ නැව් ගත කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති හෙයින් සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හි අවප්‍රමාණය හේතුවෙන් කිරිපිටි ආනයනකරුවන් නැවත නැවත මිල සංශෝධනයක් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මේ දක්වා රජයෙන් ඒ සඳහා කිසිදු අවසරයක් හිමි නොවුණි. කෙසේ වෙතත් ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
තමන්ට සිදුවන මූල්‍යමය පාඩු අවම කර ගැනිම වෙනුවෙන් ඔවුන් සිය ආනයන අත්හිටුවීමට තීරණය කෙරිණි.
ශ්‍රී ලංකවේ මාසික කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,000 ත් 7,000 ත් අතර වන අතර දෛනික පරිභෝජනය මෙට්‍රික් ටොන් 200 ක් පමණ වේ.
කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක වර්තමාන මිල රුපියල් 945 ක් වන අතර ග්‍රෑම් 400 රුපියල් 380 කට අලෙවි කෙරේ.
මිල ඉහළ දැමීම බලපැවැත්වෙන්නේ නම්, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක නව මිල රු. 1,145 ක් වෙයි.
ඩේලිමිරර් ඇසුරෙනි