ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී එය ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර වෙළඳපොළෙහි පවත්වා මිල හා විනියම අනුපාතයෙන් විචලනයන් සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය හඳුන්වාදීමට නියමිතය.
පාරිභෝගිකයන්ට, රජයට මෙන්ම කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්රතිලාභ හිමිවන පරිදි මෙම මිල සූත්‍රය යෝජනා කර ඇත.
ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවිමේ අරමුණින් පත් කරන ලද කමිටුව් විසින් මෙම මිල සූත්‍රය යෝජනා කර තිබේ.
මෙම මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිතය. ඒ සඳහා වන යෝජනාව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධ, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කර තිබේ.