ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ රාත්‍රියේ සිට වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
රෝහලේ කොවිඩ් 19 ආසාදිත වු හැදල වත්තල පදිංචි සාත්තු සේවිකාව ඉකුත් 09 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව අනාවරණය වී ඇත. ඊයේ ඇය කොවිඩ් 19 ආසාදිත බව අනාවරණය වී තිබේ.
ආයුර්වේද රෝහල වසා දැමීමෙන් පසු එහි වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනකු ස්වයං නිරෝධායනය ට යොමු කර ඇති අතර නේවාසික රෝගීන් තිදෙනකුද ඔවුන්ගේ නිවාස වලට යවා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ වත්තල සරත් චින්තක