කටාන ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළළු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පිවිසෙන ආඬිඅම්බලම හා ගුවන්තොටුපොළ අතර මාර්ගයේ ජල නල එළීම මේ දිනවල සිදුකෙරමින් පවතී.
එබැවින් දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා දින සවස 6.00 සිට දෙසැම්බර් මස 08 දා මධ්‍යම රාත්‍රී 12.00 වන තුරු එම මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබීමට සිදුවන බව කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය දැනුම් දී ඇතැයි ගුවන්තොටුපොළ හාං ගුවන් සේවා සමාගම සඳහන් කරයි.
ඒ අනුව ගුවන්තොටුපොළට පිවිසෙන ජනතාවට යම් අපහසුතා ඇතිවිය හැකි බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ගුවන් තොටුපොළ සමාගම පවසයි.