කදාන ආණියකන්ද ප්‍රදේශිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහලේ වාට්ටු දෙකක් වෙන් කල බව ආණියකන්ද ප්‍රදේශිය රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික පතිරණ මහතා පවසා සිටියේය.
මෙම මස 06 දා සිට ක්‍රියාත්මක වන කොවිඩ් රෝගීන් සදහා වෙන්කල මෙම වාට්ටු දෙකෙහි කාන්තා රෝගීන් 45 ක් සදහාද පිරිමි රෝගීන් 45 ක් සදහාද ප්‍රතිකාර ආරම්භ කරන බව ද ධම්මික පතිරණ මහතා පැවසීය.
පැතිර යන දැඩි අවදානම් තත්වය යටතේ රාගම රෝහලෙන් යොමු කරන රෝගීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් යොමු කරන රෝගීන් දැනට මෙම වාට්ටු සදහා ඇතුලත් කර ගනු ලබයි.
තවද එම රෝහලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත රෝගීන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කිරීමට ද කටයුතු කරන බව රෝහලේ රසායනාගාර කාර්මික විශේෂඤ දසුන ගුණවර්ධන මහතා පවසා සිටියහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා