ආණමඩුව ආඬිගම මංසන්ධියේ ආපන ශාලාවකට පහර දීමට සම්බන්ධ සැකකරුවන් සැප්තැම්බර් (3දා) දක්වා බන්ධනාගාර ගත කරන ලෙස ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාහිර් මහතා ඊයේ (20දා) නියෝග කළේය.
ආඬිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් පසුගිය (18දා) මධ්‍යම රාත්‍රියේ ආඬිගම ප්‍රදේශයේ පිහිටි අදාළ ආපන ශාලාවට ආයුධ සන්නද්ධව කඩාවැදී එහි තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න උපකරණ විනාශ කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක්ද පැහැර ගෙන තිබු බව එහි හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය (19දා) සවස ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු ගල්කුලම තේක්ක රක්ෂිතයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් සැකකරුද එදින රාත්‍රියේම එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් මෙම පහර දීමට පැමිණි බවට සැකකරන යතුරුපැදියක් සහ තියුණු ආයුධ කිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ අදාල ප්‍රධාන සැකකරු හැර අනෙක් සැකකරුවන් තිදෙනා නඩුව නැවත කැඳවන (03දා) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ